Monday, April 20, 2020

ගුරු ගෙදර නාලිකාවෙි වැඩසටහන් විකාශනය වන අකාරය

ගුරු ගෙදර නාලිකාවේ වැඩසටහන් විස්තරය




ශ්‍රී ලාංකීය පාසල් සිසු දරුදැරියන්ගේ අධ්‍යාපන ක්‍රියාවලියට ශක්තිමත් පිටුබලයක් සපයමින්, හැදෙන අපි හදන තැන තේමාවෙන් ඉදිරිපත් කෙරෙන ගුරුගෙදර රූපවාහිනි අධ්‍යාපන නාලිකාව අප්‍රේල් 20 වනදා සිට එනම් අද දින සිට විකාශන කටයුතු ආරම්භ කරන ලදී.
රූපවාහිනී සංස්ථාවේ මාධ්‍ය දායකත්වයෙන් ගුරුගෙදර අධ්‍යාපන නාලිකාව  ක්‍රියාවට නැංවෙයි. 
වැඩසටහන් සමාරම්භක දිනයෙන් පසු එනම් අප්‍රේල් 21 දා සිට සෑම දිනකම පෙරවරු 4 සිට අධ්‍යාපන විකාශය ආරම්භ කෙරේ.
මේ යටතේ උසස් පෙළ කලා විෂය  ධාරාව සඳහා සිංහල, දෙමළ, භූගෝල විද්‍යාව, දේශපාලන විද්‍යාව, බෞද්ධ සංස්කෘතිය යන විෂයයන් ද, වාණිජ විෂය ධාරාව සඳහා ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යනය, ආර්ථික විද්‍යාව යන විෂයයන් ද, විද්‍යා සහ ගණිත විෂය ධාරාව සඳහා සංයුක්ත ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව යන විෂයයන් ද, තාක්ෂණ විෂය ධාරාව සඳහා තාක්ෂණය සඳහා විද්‍යාව, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණය, කෘෂිකර්මය සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය යන විෂයයන් ද ආවරණය කෙරේ.
සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව සහ ඉතිහාසය යන විෂයන් ආවරණය කිරීමට නියමිත අතර, සෑම විෂයක් සඳහා ම සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව හා විෂයට අදාල ආචාර්යවරුන් සම්බන්ධ වන සාකච්ඡාමය වැඩසටහන් ද පැවැත්වීමට නියමිතය. 
රාත්‍රී 10.00  සිට අධ්‍යාපනික වැඩසටහන් විකාශනය කිරීමට අපේක්ෂිතය.


මේ සම්බන්ධයෙන් වැඩි විස්තර  අධ්‍යාපන අමාත්‍යංශයේ 
 www.moe.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැක.

6 වසර ඉංග්‍රීසි - පැවරුම 1

පහත දැක්වෙන පැවරුම 6 වසර සියළුම ළමුන් විසින් මෙම නිවාඩු කාලය තුළ කළ යුතුය.